05 වැනිදා සිට බස් ගාස්තු ඉහළට. අවම ගාස්තුව රුපියල් 34ක්.

0
6

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුකූලව එළැඹෙන 05 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

මෙම නව සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා යටතේ මෙතෙක් පැවති අවම බස් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ යන අතර, එහි උපරිම බස් ගාස්තුව රුපියල් 2,422 සිට රුපියල් 2,902 දක්වා වැඩි වනු ඇත.

මීට අමතරව, අර්ධ සුඛෝපභෝගී (Semi-Luxury) බස් රථ සේවා සඳහා ද ගාස්තු සංශෝධනයන් සිදු කර ඇති අතර, ඒ අනුව එහි අවම ගාස්තුව රුපියල් 44 සිට රුපියල් 51 දක්වා ඉහළ දැමේ.

එමෙන්ම අර්ධ සුඛෝපභෝගී සේවාවල උපරිම බස් ගාස්තුව ද රුපියල් 3,330 සිට රුපියල් 4,353 දක්වා කැපී පෙනෙන අගයකින් ඉහළ යනු ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here