ඇමරිකානු වාණිජ ධීවර ක්ෂේත්‍රයේ රෙගුලාසි ලිහිල් කිරීමට ට්‍රම්ප් පරිපාලනයෙන් පියවර.

0
6
Commercial dealers weigh creates of lobsters on a dock in Stonington, Maine, on Friday, May 2, 2025. (AP Photo/Robert F. Bukaty)

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් එරට වෙරළ තීරයන් පුරා ක්‍රියාත්මක වන වාණිජ ධීවර රෙගුලාසි විශාල වශයෙන් ලිහිල් කරමින් පවතී. අධික ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් තහනමට ලක්ව තිබූ නිව් ඉන්ග්ලන්ඩ් (New England) මුහුදු සීමාව, ස්කොලොප් (Scallop) නමැති බෙල්ලන් විශේෂය ඇල්ලීම සඳහා නැවත විවෘත කිරීම ද ඇතුළත් වේ.

මෙම පියවර ගෙන ඇත්තේ දේශීය මුහුදු ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, ට්‍රම්ප් විසින් 2025 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද විධායක නියෝගයකට අනුවය.

එමඟින් වාණිජ දෙපාර්තමේන්තුව වෙත රෙගුලාසි ලිහිල් කිරීමටත්, සාගර ස්මාරක (Marine monuments) වාණිජ ධීවර කටයුතු සඳහා විවෘත කිරීමටත් උපදෙස් දී තිබුණි. සාගර පරිසරය ආරක්ෂා කිරීම සඳහා සාගර ස්මාරක වෙන් කර ඇති අතර, ඒවා කළමනාකරණය කරනු ලබන්නේ NOAA (ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනය) සහ අනෙකුත් හවුල්කාර සංවිධාන මඟිනි.

“අපි අත්ලාන්තික් සහ ශාන්තිකර සාගර කලාප (ධීවර කටයුතු සඳහා) විවෘත කරමින් සිටිනවා. අප දැනට සිදු කරමින් පවතින මෙම ක්‍රියාවලියෙන් ඇමරිකානු පාරිභෝගිකයින්ට විශාල වාසියක් අත්වනු ඇතැයි” ධවල මන්දිර උපදේශක පීටර් නැවාරෝ බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here