මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025/2026 වර්ෂයන්ට අදාළව මෙරට ප්‍රථම ‘ඊ-ආර්ථික සංගණනය’ (e-Census 2026) ආරම්භ කර තිබේ. රටේ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ නවතම සහ විශ්වසනීය සංඛ්‍යාන දත්ත රැස්කිරීම මෙහි මූලික අරමුණයි.
සියලුම කර්මාන්ත, ඉදිකිරීම්, වෙළෙඳ හා සේවා කටයුතු ආවරණය වන මෙම ජාතික වැඩපිළිවෙළෙහි පළමු අදියර යටතේ, සේවකයන් 50 හෝ ඊට වැඩි විශාල පරිමාණ ආයතනවල තොරතුරු රැස් කිරීම ඊයේ (01) ආරම්භ කෙරුණි.
ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක වන බැවින් අදාළ ආයතනවලට අන්තර්ජාලය හරහා තමන්ට පහසු වේලාවක ආරක්ෂිතව සහ ස්වාධීනව තොරතුරු ඉදිරිපත් කළ හැක. මෙමඟින් දත්ත රැස්කිරීම වඩාත් වේගවත් හා පිරිවැය-ඵලදායී වන අතර, එම තොරතුරු ජාතික සංවර්ධන සැලසුම්කරණය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ශක්තිමත් පදනමක් වනු ඇත.
ලබාදෙන සියලුම තොරතුරු සංගණන සහ සංඛ්‍යාලේඛන ආඥාපනත යටතේ පූර්ණ රහස්‍යභාවයෙන් ආරක්ෂා කරන අතර, කිසිදු පෞද්ගලික හෝ ආයතනික දත්තයක් බාහිර පාර්ශ්ව වෙත අනාවරණය නොකරන බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මේ සඳහා සේවකයින් 50 හෝ ඊට වැඩි ආයතන මුලින්ම ජනලේඛන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් ලියාපදිංචි විය යුතු අතර, ඉන්පසු ඊ-තැපෑලෙන් ලැබෙන විශේෂිත සබැඳිය (Link) හරහා තොරතුරු මාර්ගගතව (Online) ඉදිරිපත් කළ හැකිය.

