අඩි 1,454ක් ඉහළින් සිට කළ විවාහ යෝජනාවෙන් පසු යුවළ පොලිස් අත්අඩංගුවට

0
12

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි සුප්‍රකට ‘එම්පයර් ස්ටේට්’ (Empire State Building) ගොඩනැගිල්ලේ කුලුන මුදුනටම අනවසරයෙන් නැග, ලෝක සාමය ඉල්ලන දැවැන්ත බැනරයක් ප්‍රදර්ශනය කළ රුසියානු ජාතික යුවළක් නිව්යෝර්ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා මෙහිදී ජීවිත පවා අවදානමකට හෙලමින් විවාහ යෝජනාවක් කර ඇති බවද වාර්තා වේ.

33 හැවිරිදි ඇන්ජෙලා නිකොලාව් සහ 32 හැවිරිදි වාන්යා බීර්කස් නැමති මෙම රුසියානු යුවළ, ඊයේ (01) මෑන්හැටන් නුවරින් අඩි 1,454ක් ඉහළින් පිහිටි මෙම ගොඩනැගිල්ලේ ඇන්ටනා කුලුන මතට නැඟ ඇත.

කළු පැහැති ඇඳුමෙන් සැරසී සිටි ඔවුන්, එහි සිට සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා සජීවී දර්ශන ද මුදාහැර තිබේ.

ඔවුන් එහි ප්‍රදර්ශනය කළ කළු පැහැති බැනරයේ සුදු අකුරින් සටහන්ව තිබුණේ, “බලයට ඇති ආදරය අභිබවා ආදරයේ බලය ජයගන්නා දිනයට ලෝකය සාමය අත්කර ගනු ඇත” (When the power of love beats the love of power the world knows peace) යන සුප්‍රකට කියමනය.

ඉන් පසුව ඔවුන් දෙදෙනා අතර විවාහ යෝජනාවක් ද සිදු ව ඇති අතර අනතුරුව ඔවුහු වැළඳගෙන සිපගනිමින් සිය සතුට පළ කර ඇති බව සඳහන් වේ.

හිස්වැස්මක් පැළඳ සිටි ඇන්ජෙලා, තමන්ට ලැබුණු විවාහ ගිවිස ගැනීමේ මුදුව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කිරීමට ඡායාරූප ගන්නා අයුරු ද ගුවන් දර්ශනවල සටහන්ව තිබුණි.

Image

Image

Image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here