ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස පහළට

0
11

දැනට ලෝකයේ පවතින සාමකාමී වාතාවරණයත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස පහළ බැස තිබේ.

ඒ අනුව, ආසියානු කලාපයට ප්‍රධාන වශයෙන්ම ඉන්ධන සපයන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 70.80ක් දක්වා අඩු වී ඇත.

ඉරාන යුද පීඩනය ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 වැනිදා වනවිට ද බ්‍රෙන්ට් බැරලයක මිල පැවතියේ ඩොලර් 70කට ආසන්න මට්ටමකිනි.

මේ අතර, ඇමෙරිකානු WTI (West Texas Intermediate) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 67.87ක් දක්වා පහත වැටී ඇති අතර, යුද සමයට පෙර එහි මිල සටහන් වූයේ ඩොලර් 68ක අගයකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here