එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට (MINUSCA) අනුයුක්තව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රාජකාරීයෙහි නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය (Sri Aviation Unit), අතිශය අවදානම් සහගත තත්ත්වයක් හමුවේ සතුරු ප්‍රහාර මධ්‍යයේ සුවිශේෂී ජීවිත ගලවාගැනීමේ මෙහෙයුමක් (CASEVAC) 2026 ජුනි මස 30 වන දින සාර්ථකව නිම කිරීමට සමත්ව තිබේ. මෙම මෙහෙයුම මඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් සතු අසමසම වෘත්තීය නිපුනත්වය සහ නිර්භිතතාවය ලෝකය හමුවේ යළිත් වරක් ප්‍රදර්ශණය කරන ලදි.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ‘අම් ඩැෆොක්’ (Am Dafok) ප්‍රදේශයේ සාමසාධක රාජකාරි මුරසංචාරයක නිරතව සිටි සැම්බියානු බලඇණියේ සෙබළුන් ඉලක්ක කරගනිමින් හඳුනානොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලදී. මෙම ප්‍රහාරය හේතුවෙන් සැම්බියානු සෙබළුන්, සිවිල් වැසියන් සහ එරට ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් තුවාල ලබන ලදි. තත්ත්වය අතිශය බරපතළ වෙද්දී, තුවාල ලැබූවන් මුදාගැනීම සඳහා ප්‍රථමයෙන් පකිස්ථාන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කැඳවීමට උත්සාහ කළද, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එය අසාර්¬ථක විය. ඒ අනුව, සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියා (Force Commander) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජීවිත ගලවාගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය වෙත පවරනු ලදි.
තත්ත්වයේ බරපතළකම වටහාගත් ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ ඇතුළු කාර්¬ය මණ්ඩලය, පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ද නොතකා වහාම ක්‍රියාත්මක විය. ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ ප්‍රධානත්වයෙන් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දිල්හාෂ් අතපත්තු මහතාගේ සහය නියමු දායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් UNO 325P දරන Mi-17 හෙලිකොප්ටර් යානය එදින පෙරවරු 07:30 ට බ්‍රියා (Bria) ගුවන් තොටුපොළෙන් ගුවන්ගත විය.
මෙම කණ්ඩායමට ගුවන් ඉංජිනේරු ලෙස බලපංති සැරයන් හෙට්ටිආරච්චි ටී.එස්, ලෝඩ් මාස්ටර් ලෙස බලපංති සැරයන් මනෝජ් ඒ.ජී.ජී සහ ගුවන් අවිකරුවන් ලෙස කෝප්‍රල් විජේතුංග ඩබ්.එම්.පී.පී සහ නායක ගුවන් භට අබේසිංහ ජී.ඩී කටයුතු කළහ. යානය තුළ සිටි ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ කණ්ඩායමට (AMET) ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් යාදීෂ රත්නසිරි, බලලත් නිලධාරි ඩී.එම් සුමතිපාල සහ බලපංති සැරයන් කේ.පී.ඩී රුවන්කුමාර යන නිලධාරින්න් ඇතුලත් විය. මුලින් අතිරේක සෙබළුන් පිරිසක් රැගෙන යාමට සැලසුම් කර තිබුණද, සටන් පවතින කලාපයේ තත්ත්වය වේගයෙන් දරුණු අතට හැරීම හේතුවෙන්, ප්‍රධාන අණදෙන නිලධාරියාගේ නියෝගය පරිදි සෘජුවම සටන් බිම වෙත යානය පියාසර කරවීමට නියමුවන් තීරණය කරන ලදි.
ඒ අනුව, පැය දෙකයි විනාඩි දහයක අඛණ්ඩ පියාසර කාලයකින් පසු, යානය සතුරු ප්‍රහාර එල්ල වන අතිශය අනතුරුදායක සටන් කලාපයට ළඟා විය. හෙලිකොප්ටර් යානය ගොඩබැස්වීම පවා අනරක්ෂිත වු අතර, සතුරන් කුමන ස්ථානයක සිට ප්‍රහාර එල්ල කරන්නේද යන්න අවිනිශ්චිතව පැවතිණි. කරුණු එසේ වුවත් ජීවිත අවදානම පසෙකලා ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික ගුවන් නියමුවන්, යානයේ එන්ජිම පණගන්වා තිබියදීම (With engines running) ඉතා කෙටි කාලයක් තුළ තුවාල ලැබූවන් 14 දෙනෙකු යානයට නංවාගෙන වහාම එම ප්‍රදේශයෙන් නික්මීමට සමත් විය. ගුවන් ගමන පුරාම යානය තුළ සිටි ශ්‍රී ලාංකික ගුවන් වෛද්‍ය කණ්ඩායම (AMET), සීමිත ඉඩකඩ සහ වෛද්‍ය පහසුකම් මධ්‍යයේ වුවද, තුවාලකරුවන්ගේ ජීවිත ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට අසිරු සටනක නිරත විය.
එක්සත් ජාතීන්ගේ සාමසාධක ගුවන් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, හදිසි මෙහෙයුමකදී තුවාලකරුවන් 14 දෙනෙකු සාර්ථකව මුදාගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්¬තා පොත් අතරට එක්වේ.
ජීවිත ආරක්ෂාවට වඩා මානුෂීය මෙහෙයුමට මුල්තැන දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් දැක්වූ මෙම අසමසම නිර්¬භිතතාවය සහ වෘත්තීය නිපුනත්වය එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ (Force Commander) ඉහළම ඇගයීමට ලක් වි ඇති අතර, මෙමගින් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකා සන්නද්ධ බලකායන් සතු විශ්වසනීයත්වය සහ කීර්¬ති නාමය නැවත වරක් ඉහළින්ම තහවුරු වී ඇත.


