2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හයවන අදියර සඳහා වන නිල තරග විනිසුරුවන් සහ තීරකවරුන් කවුදැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ජූලි 17 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර තරගාවලිය සඳහා ජාත්‍යන්තර මට්ටමේ ඉහළම අත්දැකීම් සහිත දේශීය මෙන්ම විදේශීය නිලධාරීන් රැසක් එක් කර තිබීම විශේෂත්වයකි. ඒ අතරින් ICC ප්‍රමුඛ පෙළේ තරග තීරක රංජන් මඩුගල්ලේ සහ ICC ප්‍රමුඛ පෙළේ විනිසුරු කුමාර් ධර්මසේන ප්‍රධානත්වය ගනිති.
තරග තීරක මණ්ඩලය
තරගාවලියේ විනය සහ නීති රීති පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නැගී එන තරග තීරක මණ්ඩලයේ සාමාජිකයින්ද ඇතුළුව පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර ඇත:
රන්ජන් මඩුගල්ලේ
ග්‍රේම් ලැබ්රෝයි
වෙන්ඩෙල් ලැබ්රෝයි
මනෝජ් මෙන්ඩිස්
ප්‍රදීප් ජෙයප්‍රගාෂ්
විනිසුරු මඩුල්ල (Umpires)
තරග බිමේ තීන්දු තීරණ ලබාදීම සඳහා කුමාර් ධර්මසේන සමඟින් වේන් නයිට්ස් (Wayne Knights) සහ අසීෆ් යාකූබ් (Asif Yaqoob) වැනි ජාත්‍යන්තර විනිසුරුවරුන්ද, දේශීය ප්‍රවීණ විනිසුරුවරුන්ද ඇතුළත් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ:
කුමාර ධර්මසේන
වේන් නයිට්ස් (Wayne Knights)
අසීෆ් යාකූබ් (Asif Yaqoob)
රවීන්ද්‍ර විමලසිරි
ප්‍රගීත් රඹුක්වැල්ල
රවීන්ද්‍ර කොට්ටහච්චි
චාමර ද සොයිසා
අසංක නානායක්කාර
චන්ද්‍රිකා අමරසිංහ
හේමන්ත බොතේජු
ශාන්ත ෆොන්සේකා
පී.ආර්.එල්. දුල්සිරි

