නොමැකෙන තීන්ත ආලේපනය නැවත ශ්‍රී ලංකාවේ ජන්ද විමසීම් සඳහා භාවිත නොකිරීම ඉතා යහපත් තීරණයක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතා පවසයි.
ඔහු කියා සිටින්නේ ” මෙය නව අදහසක් නොවෙයි . කැබිනට් මණ්ඩලය එක රැයකින් ගත් එකක් නොවෙයි. මැතිවරණ බළධාරීන් සහ මැතිවරණ නිරීක්‍ෂකයන් දිගු කලක් තිස්සේ ඉල්ලන ලද ඉල්ලීමක්.ශ්‍රී ලංකාවේ පළමු වරට නොමැකෙන තීන්ත භාවිත කළේ වසර 1965. පළමු වරට අපේ කලාපයේ ඉන්දියාව භාවිත කළා. ඒ 1962 දී .
මේ මුළු කලාපයටම නොමැකෙන තීන්ත බෙදා හරියේ මයිසුර් පේන්ට් සහ වාර්නිෂ් ආයතනය බොහෝ කලක්.දැන් අපට අවශ්‍ය නැහැ. මේපහසුකම . හේතුව ඕනෑම රටක අනන්‍යතාව සහතික කරගැනීම සාර්ථක නම්, එහෙමත් නැත්නම් විද්‍යුත් ජන්ද භාවිත කිරීමේ යන්ත්‍ර තිබේනම් සහ ජීව දත්ත සහිත ජන්දදායකයන්ගේ දත්ත පද්ධතියක් තිබේනම් නොමැකෙන තීන්ත අවශ්‍ය නැහැ.
සෑම ජන්ද විමසිමකදිම මේ සඳහා යටත් පිරිසෙන් රුපියල් මිලියන 60 ක මුදලක් වැය කල යුතුයි. මේක හංවඩු ගහනවා වගේ වැඩක්. දියුණු රටකට ගැලපෙන්නේ නැහැ. ඔක්කොම හොරු කියලයි හිතන්නේ. ඒ නිසා මෙය අනවශ්‍ය අංගයක්.ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත අනුමත වුනේ වසර 2008 . එදා සිට මෙය අවශ්‍ය වුනේ නැහැ.” යනුවෙන් විධායක අධ්‍යක්‍ෂවරයා පැවසීය.

