එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධිකාරක සහ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි.

0
3

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche  මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ (WFP) මෙරට නියෝජිත සහ අධ්‍යක්‍ෂ Philip Ward මහතා අද (ජූනි 24) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවීය.

මෙම හමුවේදී ලෝක ආහාර වැඩසටහන මඟින් ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳව අවධානය යොමු වූ අතර, ආපදා අවදානම් කළමනාකරණය (risk management) සහ ඔරොත්තු දීමේ හැකියාව (resilience building) වර්ධනය කිරීමේ වැඩසටහන් සම්බන්ධයෙන් රජයේ ප්‍රමුඛතාවන් පිළිබඳව සාකච්ඡා කිරීමද මෙහිදී සිදුවිය. එමෙන්ම ජාතික මට්ටමේ සූදානම (national preparedness) සහ ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයන් (response mechanism) ශක්තිමත් කිරීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ලෝක ආහාර වැඩසටහන (WFP) අතර සහයෝගීතාවය ඇති කර ගත හැකි විභව ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී තවදුරටත් සාකච්ඡා කෙරිණි.

ස්වාභාවික ආපදා සහ අනෙකුත් හදිසි අවස්ථාවන්ට මුහුණදීමේදී ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ලෝක ආහාර වැඩසටහන සහ ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් සහයෝගය ලබා ගත හැකි මාර්ග හඳුනා ගැනීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන මඟින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන දිගුකාලීන සහයෝගය ආරක්‍ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක් වූ අතර, රටේ සංවර්ධන අභිලාෂයන් ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද, මෙහිදී ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here