නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් ප්‍රාථමික මැතිවරණයෙන් පලස්තීන සම්භවයක් සහිත අබීර් කවාස්ට ඓතිහාසික ජයක්!

0
2

නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් (New York State Senate) මැතිවරණය වෙනුවෙන් පැවැති ඩිමොක්‍රටික් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රාථමික (Primary) මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට පලස්තීන සම්භවයක් සහිත ඇමරිකානු ජාතික කාන්තාවක වන අබීර් කවාස් (Aber Kawas) සමත්ව තිබේ.

ක්වීන්ස් (Queens) ප්‍රදේශයේ 12 වන මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් තරග වැදුණු ඇය මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළාය. නිව්යෝර්ක් නගරයේ නගරාධිපති සොහ්රාන් මම්දානිගේ (Zohran Mamdani) පූර්ණ සහයෝගය ඇතිව මැතිවරණ බිමට පිවිසි අබීර් කවාස්, නිව්යෝර්ක් ප්‍රාන්ත ඉතිහාසයේ සෙනෙට් ආසනයක් සඳහා තේරී පත් වූ පළමු පලස්තීන මුස්ලිම් කාන්තාව ලෙස මෙලෙස ඉතිහාසයට එක් වෙයි.

ජනතා හිතවාදී ප්‍රගතිශීලී ප්‍රචාරණ ව්‍යාපාරයක් නිව්යෝර්ක් හි ඉපිද හැදී වැඩුණු අබීර් කවාස්, ප්‍රගතිශීලී සහ ඩිමොක්‍රටික් සෝෂලිස්ට් (Progressive and Democratic Socialist) ක්‍රියාකාරිනියක ලෙස සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූවාය.

ඇය සිය ප්‍රචාරණ කටයුතුවලදී ජීවන වියදම ඉහළ යාම, සහනදායී නිවාස පහසුකම්, කුලී නිවැසියන්ගේ ආරක්ෂාව, සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් සහ පොදු සේවාවන් නැංවීම වැනි සෘජුවම මහජනතාවට බලපාන ගැටලු වෙනුවෙන් හඬ නැගුවාය.

“අපේ මුදලින් නොවේ!” (Not on Our Dime!) ගාසා තීරයේ සිදුවන ප්‍රහාරයන්ට එරෙහිව සිය මැතිවරණ වේදිකාවේදී දැඩිව හඬ නැඟූ කවාස්, ඊශ්‍රායලයට ලබාදෙන මූල්‍ය ආධාර නතර කරන ලෙස ද ඉල්ලා සිටියාය. එමෙන්ම, නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි සමඟ එක්වෙමින් ඇය “අපේ මුදලින් නොවේ!” (Not on Our Dime!) නමැති සුවිශේෂී ප්‍රචාරණ වැඩසටහනක් ද දියත් කිරීමට කටයුතු කළාය.

ඩිමොක්‍රටික් පක්ෂය වඩාත් සමාජවාදී බලවේගයක් බවට පත් කිරීම සඳහා නගරාධිපති මම්දානි දරන දැඩි උත්සාහයට ලැබුණු තවත් එක් විශාල ජයග්‍රහණයක් ලෙස ද දේශපාලන විචාරකයෝ අබීර් කවාස්ගේ මෙම ජයග්‍රහණය හඳුන්වති.

ප්‍රාථමික මැතිවරණය ජයගත් අබීර් කවාස්, ඊළඟ පියවර ලෙස එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත පොදු මැතිවරණයට (General Election) සෘජුවම ඉදිරිපත් වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here