2014 ජූනි15 අලුත්ගම කෝලාහලය! යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ප්‍රතික්ෂේප කිරීමකි.

0
19

නීතිඥ මාර්ස් .එල්.යූසුෆ් විසිනි

මෙම කෝලාහල පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව සාක්ෂි සහිතව ප්‍රකාශ කිරීම අසීරු වුවද, ඒවායෙහි සංවිධානාත්මකව ක්‍රියාත්මක කිරීමේ සලකුණු පැහැදිලිව පෙනෙන්නට තිබූනි. කොල්ලකන ලද භාණ්ඩ සඳහා ලබා දී තිබුනු ප්‍රවාහන පහසුකම්, ප්‍රහාරකයින් සතුව තිබූ ආයුධ, වීදුරු බෝතල්, පෙට්‍රල් බොම්බ , දිගු යකඩ පොලු‍ සහ බයිසිකල් දම්වැල්වල දිග ප්‍රමාණය, අප ඡායාරූප ගත කළ ලෝහ කැනිස්ටර් කැබලි අදිය අහඹු සිදුවීමක සැකය ඉවත් කරයි. (අලු‍ත්ගම කෝලාහල සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ වාර්තාව. නීතිය සහ සමාජ භාරය, දෙසැම්බර් 2014).

In Pictures: Sri Lanka hit by religious riots | Protests | Al Jazeera

මෙම වාර්තාව සම්පුර්ණයෙන් කියවන විට මෙය වනාහි 2014 ජුනි 15 සහ 16 යන දිනවල දියත් කරන ලද ක්‍රමානුකූලව සහ සැලසුම් කළ ප්‍රචණ්ඩත්වයක් බව තහවුරු කරයි. ඇසින් දුටු සාක්ෂිකරුවෙකුගේ විස්තර කිරීමක් අනුව පළමුව එක් කණ්ඩායමක් පැමිණි අතර මෙම කණ්ඩායමට භික්ෂූන් දෙදෙනෙකු නායකත්වය දී ඇත. එම කණ්ඩායම ගල් මුල්වලින් ගසා පෙදෙ‌‌සේ නිවෙස් හා ගොඩනැගිලිවල ජනෙල් කඩා දැමූහ. ඉන්පසු මිනිත්තු 15 කට පමණ පසු තවත් කණ්ඩායමක් පැමිණි අතර එයින් මිනිත්තු කිහිපයකට පසු තුන්වන කණ්ඩායමක්ද පැමිණ ඇත. භිහිසුණුම පිරිස වු‌යේ ඔවුන් වු අතර, ඔවුන් නිවාස සහ ගොඩනැගිලි ගණනාවක්ම කඩා බිඳ දමා පුළුස්සා දැමුහ. පසුව ගින්න නිවා දැමීමට උත්සාහ කරන විට තවත් කණ්ඩායමක් පැමිණ තිබේ‍. විශේෂ කාර්ය බලකාය ඔවුන්ව එළවා දැමුහ. තවත් කණ්ඩායමක් මුහුණු ආවරණය කරගෙන ගෙවල්වලින් බඩු මුට්ටු කොල්ල කා ගෙන ගියෝය.

Attack in Aluthgama - Frontline

විශේෂ කාර්ය බලකාය වෙතින් ගිනි නිවීමට උදව් ඉල්ලු විට තමන් පැමිණියේ වෙනත් රාජකාරියකට යැයි එහි භටයන් පැවසු බව වින්දිතයෙක් පැවසීය. නැවත නැවත ඔහු උදව් ඉල්ලා විට උඹලා කරපු දේ උඹලම බලා ගනියව් යැයි භටයන් පවසා ඇත.

භික්ෂුන් සහ පොලිසිය

මේ අතර ලැබුනු පුවත්වල විශ්මයජනක පටහැනිතා බොහෝ දැකිය හැකි විය. ජනතාව සාමාන්‍යයෙන් තම ආ.මික ප්‍රධානීන් විශ්වාශ කරන අතර ඔවුන්ව තම මාර්ගෝපදේශකයින් ලෙස ගනිති. ඉහත ඛේදවාචකය ඥානසාර හිමියන් ජාතිවාදි අරමුණු සහිතව ජනතාවට ලබා දුන් ඊනියා මඟ පෙන්වීමේ ‘ප්‍රතිවිපාකයකි’. බියජනක කරුණක් නම් මෙයට පෙර විනාශකාරී මැර කණ්ඩායම් මෙහෙයවූ භික්ෂුන් කිහිප දෙනෙකුද එදා දක්නට ලැබීමයි සියලු ජීවීන් නිදුක් වේවා යැයි දෙසිය යුතු බෞද්ධ භික්ෂුන් එදා පෙරමුණ ගත්තේ හාත්පස විරුද්ධ දෙයක සඳහාය.

මේ ජවනිකා මැද සිටියේ ශ්‍රී ලංකා පොලිස් බලකාය වු අතර ඔවුන්ගේ නිල වෙබ් අඩවියට අනුව නම් ඔවුන්ගේ මෙහෙවර වනුයේ රටේ නීතිය ආරක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීමට මෙන්ම‍ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා කැපවීමයි.

Sinhala group attacks Muslim shops, Rajapaksa urges restraint by all parties | Tamil Guardian

මුස්ලිම් ප්‍රජාව දැඩි කම්පනයට පත්ව, ඔවුන්ගේ දේපළ විනාශ වී, හැඟීම් තුවාල වී ඇත. යහපත් උගත් සිංහල පුරවැසියන් ලැජ්ජාවෙන් හා දැඩි අවිශ්වාසයෙන් කර බා ගත්හ. අහිංසක සිවිල් වැසියන් ගොදුරු කර ගැනීම සහ හිතාමතාම ඔවුන් ප්‍රචණ්ඩත්වයට පොළඹවා ගැනීමේ යටි අරමුණින් භික්ෂු පදවිය අනිසි ලෙස භාවිතා කිරීමේ අවස්ථාවක් යැයි මෙය විග්‍රහ කළ හැකිය. නීති විරෝධී හැසිරීමට අනුකූලව කටයුතු කිරීම නිසා පොලිසියද සිවුරේ බලපෑමෙන් බේරුණේ නැත. මේ සෑම කෙනෙකුම නීතිය හමුවට ගෙන ආ යුතුය. මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා රජය විසින් ස්වාධීන කොමිසමක් පත් කළ යුතුය. විශේෂයෙන්, පොලිසියේ සහ අදාළ රජයේ දෙපාර්තමේන්තුවල අධිකාරී දාමයේ සිටින අය විෂයයෙහි විමර්ශන සිදු කළ යුතුය.

3 Muslims killed in Buddhist mob attacks in Sri Lanka | CNN

අලු‍ත්ගම සහ ඒ අවට ස්ථානවල සිදුවීම් සම්බන්ධයෙන් පුළුල් හා අපක්ෂපාතී පරීක්ෂණයක් යනු දැඩි හා හදිසි අවශ්යතාවයකි. මෙම විමර්ශනය හරහා වෛරී කතාවල බලපෑම, පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ අක්‍රියතාවය ඉස්මතු විය. අත්අඩංගුවට ගත් 11 දෙනාගෙන් 7 දෙනෙකු නිදහස් කරන ලෙස බොදුබල සේනා සංවිධානය ඉල්ලා සිටී. ඥානසාර හිමියන් මාවනැල්ලේ රැස්වීම පැවැත්වීම නවත්වන බවට පොලිස්පතිවරයා සහතික වීම ගැන එකඟ වේ” යන වාර්තාවේ කියවීම කම්පනයට පත් කරයි. කුතුහලය දනවන කරුණ හෙවත් මතු කරන ප්‍රශ්නය නම් මෙය නීතිය විකෘති වු අවස්ථාවක්ද යන්නයි.

පුනරුත්ථාපනය
2012 දී පිහිටුවන ලද භික්ෂු කණ්ඩායමක් වන බොදුබල සේනාව විසින් පසුගිය දශකය තුල වෛරී හැඟීම් දැඩි ලෙස උසි ගන්වා ඇති අතර එම කාලය තුළ රට පුරා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වරින් වර ප්‍රචණ්ඩත්ව ඇති වී තිබේ. මෙම තත්වය 2014 ජුනි 15 සහ 16 යන දිනවල ක්‍රමානුකූලව සහ සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයකින් පුපුරා ගොස් ඇත. මෙය සහජීවනයේ අගයන් ප්‍රශ්නාර්තයට ලක් කර වාර්ගික සමගියට හානි ඇති කර තිබේ. තවද මේවා මගින් බුදු දහමේ උතුම් මූලධර්මද භික්ෂුන් විසින්ම උල්ලංඝනය කර ඇත. එසේම ජනතාවගේ සිත් තුළ වෛරය, අවිශ්වාසය, සැකය පතුරවා ඇත.

Sri Lanka court grants bail to Buddhist monks | News | Al Jazeera

වෛරයෙන් උසි ගන්වා ඇති මිනිසුන්ගේ මෙන්ම භික්ෂූන්ගේ සහ පොලිස් බලකායේ මනස නිවැරදි කර ධනාත්මකව ආකල්ප ගොඩනැංවීම සිදු කළ යුතුව ඇත. මෙය නිසැකවම එක් ආරවුලක දොංකාරයක් නොවේ. තිරය පිටුපස තවත් බොහෝ දේ ඇත. මේ සැමට යටින් කැකෑරෙන හේතුන් සොයා බැලිය යුතුය. මෙය බරපතල ජාතික ගැටලු‍වකි, එය දිගටම පැවතීමට ඉඩ දුන්නොත් දශක තිහක යුද්ධයක් යාන්තම් අවසන් කර ඇති සමාජයක ගොඩනැගෙමින් එන සියුම් ව්යුහය බිඳ වැටෙනු ඇත.

කිතුනුවන් වැනි ආගමික සුළුතරයන් සහ මුස්ලිම්වරුන් වැනි වාර්ගික සුළුතරයන් යන දෙකම සතුරන් මෙන් බහුතරයට පෙන්වීමට බොදු බල සේනාව සමත් වී ඇති බව පැහැදිලිය. ක්‍රමානුකූලව ජනතාවගේ මනසෙහි අවිශ්වාසය, බිය සහ අමනාපය බොදු බල සේනාව ඇති කරමින් සිටියි. කුප්‍රකට IS සංවිධානය තම ඉස්ලාමීය නොවන ක්‍රියාකාරකම් සිදු කිරීමට ඉස්ලාමයේ නම භාවිතා කරනවා සේම, අපේ රටේ ඇතැම් බලවේග විසින් ජාතික සහ සංහිඳියා අරමුණු සඳහා නොව යටි අරමුණු සඳහා බුද්ධාගම භාවිතා කරන බව පෙනේ. බුද්ධාගම සහ සිවුරු පැළඳ සිටින අය අහිංසක බෞද්ධ ජනතාවගේ සහයෝගය සහ අනුකම්පාව ලබා ගැනීමේ මාධ්‍යයක් බවට පරිවර්තනය කර ඇත.

අපරාධවලට වග කිව යුත්තන් නීතියේ රැහැනට හසු කර ගැනීම සහ නඩු පැවරීම සම්බන්ධයෙන් දක්නට ඇත්තේ සීමිත ප්‍රගතියක් වන අතර වෛරය අවුස්සන අය තවමත් නිදැල්ලේ සිටිමින් තම ඔවුන්ගේ කාර්‍යය සුවසේ කරගෙන යන බව පෙනේ. රජය විසින් සිදුවීම් පිළිබඳ සීමිත වාර්තාවක් පවත්වා ගෙන යාම, සමාජයේ ජාතිවාදී සහ ප්‍රචණ්ඩකාරී කොටස් අපරාධ ක්‍රියාවලින් බේරී සිටිය හැකිය භයානක පණිවිඩය සමාජ ගත කරමින් සිටියි.

පසුගිය පාලන කාලයෙහි මුස්ලිම් දේශපාලනඥයින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් බල කිරීමට අසමත් වුහ. දැන්, වත්මන් රජය යටතේ, ස්වාධීන විමර්ශන කොමිසමක් ඉල්ලා සිටීම මුස්ලිම් දේශපාලනඥයින්ගේ යුතුකමකි. එසේ නොමැති නම්, ඔවුන් වින්දිතයින් කෙරෙහි ඇති තම වගකීම පැහැර හැරියන් වනු නිසැකය.

කඩා බිද දමන ලද හා ගිනි තබා පුලු‍ස්සන ලද නිවාස කඩ සාප්පු නැවත ගොඩනඟා ගත හැකිය. එනමුත් අහිංසක වින්දිතයින්ගේ හදවත් සහ මනස් එයින් සුව කළ නොහැක. ඔවුන්ට එරෙහි අපරාධ සඳහා යුක්තිය පසිඳලනු ඇතිය යන හැඟීම ඔවුන්ට දැනිය යුතුය. එසේම අපරාධකරුවන්ද පසුතැවිලි විය යුතුය. පාර්ශව දෙකටම නීතිය ක්‍රියාත්මක විය යුතුය. යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ප්‍රතික්ෂේප කිරීමකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here