අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක් උපුටාදක්වමින් එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉන් ඉවත්වීම හේතුවෙන් මෙම සාකච්ඡා බිඳවැටී ඇති බවය.
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානය වෙත එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඇති වූ යුදමය තත්ත්වය අවසන් කිරීම සහ ටෙහෙරානය සහ වොෂිංටනය අතර ඇති කරගත් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන මූලික වටයේ සාකච්ඡා අද අරම්භ කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් ඉරාන නියෝජිතයින් හමුවීමට තිබූ සංචාරය අමෙරිකානු උප ජනාධිපතිවරයා අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ධවල මන්දිරයේ ප්රකාශයෙක් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

