උපවාසය අත්නොහරින බව සුරේෂ් සලේ මහතා යළිත් අවධාරණය කරයි.

1
48

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය අත්නොහරින බවට යළිත් අවධාරණය කර තිබේ.

එසේම තමන් යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කුටිය වෙත පැමිණීමට අකමැති බවත් මරණය ඊට වඩා සුදුසු බවත් සුරේෂ් සලේ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සුරේෂ් සලේ මහතා බැලීම සඳහා ඔහුගේ පෞද්ගලික නිතීඥවරයා ගිය අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර ඇත.

මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශන කටයුතු පිළිබඳව මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය, අස්ගිරි පාර්ශ්වයේ නාහිමි විසින් ජනාධිපතිවරයාට සිදුකර ඇති ඉල්ලීම පිළිබදව මෙහිදි නීතීඥවරයා විසින් සුරේෂ් සලේ මහතා දැනුම්වත් කර තිබේ.

ඒ අනුව දැනට සිදුකරන උපවාසය නතර කරන ලෙස නීතිඥවරයා සුරේෂ් සලේ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

1 COMMENT

  1. Let him Suicide himself bloody murder 👺🤮👹😡⚰️. He was not a Human being. 👹.

Comments are closed.