ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ පෙත්සමක් ගොනු කරයි.

0
63

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතා හරහා ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ CID නිලධාරි මාධව ගුණවර්ධන යන අය නම් කර ඇත.