හිජ්රි වර්ෂය නමින් හඳුන්වන ඉස්ලාමීය දින දර්ශනය අනුව හිජ්රි වර්ෂ 1448 වර්ෂය සඳහා වූ නව සඳ බැලීම සහ වර්ෂයේ පළවෙනි දිනය තීරණය කිරීම වෙනුවෙන් විශේෂ රැස්වීම අද පස්වරුවේ කොළඹ මහ පල්ලියේදී සිදු කිරීමට නියමිතය.

මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සමස්ත ලංකා ජමියතුල් උලමා සහ කොළඹ මහ පල්ලිය නියෝජනය කරමින් මෙම රැස්වීම පැවැත්වෙනු ඇත.
ඉස්ලාමීය ඉතිහාසයේ දෙවෙනි කලීෆා (පාලකයා) වන උමර් කත්තාබ් තුමානන් විසින් ඔහුගේ පාලන කාලයේ සිට මෙම ඉස්ලාමීය දින දර්ශනය මුස්ලිම් ලෝකයේ භාවිතා කරයි.
විශේෂයෙන් මුස්ලිම්වරුන්ගේ උපවාස ශීලය, හජ් වන්දනාව වැනි ආගමික කටයුතු වලට මෙම දින දර්ශනය වැදගත් වේ.

