නෝර්වේහි ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට ස්ත්‍රී දූෂණ චෝදනා මත සිව් වසරක සිරදඩුවමක්.

0
6

නෝවේ රාජ්‍යයේ ඔටුන්න හිමි මෙට් මාරිට් කුමරියගේ වැඩිමහල් පුත්‍රයා හට සිව් වසරක සිරදඩුවමක් නියම වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ ස්ත්‍රී දූෂණ චෝදනාවලට වරදකරු වීම හේතුවෙනි.

29 හැවිරිදි මාරියස් බෝග් හොයිබි චෝදනා දෙකකට අදාළව වරදකරු කරමින් ඔස්ලෝ දිස්ත්‍රික් අධිකරණය විසින් මෙම දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහුට එරෙහිව ස්ත්‍රී දූෂණ, ගෘහස්ථ හිංසනය ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබූ අතර ඉන් චෝදනා දෙකකට පමණක් ඔහු වැරදිකරු බවට අධිකරණය හමුවේ තහවුරු වී ඇත.

කෙසේවෙතත් නියම වූ දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාගේ නීතීඥවරුන් සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

ස්ත්‍රී දූෂණ චෝදනා මත 2024 වසරේ දී මාරියස් බෝග් හොයිබි අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම සිදුවීමෙන් නෝර්වේ රාජකීය පවුලේ ජනප්‍රියත්වයට ද දැඩි බලපෑමක් එල්ල වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here