මේ වන විට දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා අද (15) සිට ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එය එළැඹෙන 20 වනදා දක්වා ක්‍රියාත්මක වේ.
ඒ අනුව අද සිට 17 වනදා දක්වා නගර, කානු පද්ධති වෙළද සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීමට නියමිතය.
එමෙන්ම 18 වනදා පාසල් පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපනික ආයතන සහ ඒ අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීමට සැලසුම් කර ඇත.
සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සහ කර්මාන්ත ශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම 19 වනදා නම් කර ඇති අතර පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම 20 වනදා සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශය අවදාරණය කරයි.

