අද (11) උදෑසන තාවකාලිකව වසා දැමූ කුවේට් ගුවන් කලාපය මේවන විට යළි විවෘත කර තිබේ.
අද අලුයම කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට එරට බළධාරීන් පියවර ගෙන තිබුණි.
ඒ කුවේටයේ සහ බහරේනයේ අමෙරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව IRGC ආරක්ෂකයින් පැවසීමත් සමඟය.
ඒ හේතුවෙන් කුවේට් වෙත පැමිණි ගුවන්යානා නැවත හරවා යවා ඇති බවද එරට සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසා තිබේ.
ඒ අනුව පැවති තත්ත්වය සමනය වීමත් සමඟ තාවකාලිකව වසා දැමූ කුවේට් ගුවන් සීමාව මේ වන විට නැවත විවෘත කර ඇත.

