හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට වසර හතරක බරපතල සිර දඬුවමක්.

0
7

දූෂණ චෝදනා එල්ල කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එක් නඩුවකට වසර හතර බැගින් සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම් නියම කළේය.

ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද අධිකරණය විසින් නියම කර තිබේ.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුව හතර ගොනුකර තිබුණි.

ආයතනය සඳහා කුලී පදනම මත වාහන ලබා ගැනීමෙන් ඔහු රජයට මූල්‍යමය පාඩුවක් සිදු කළ බවත්, එමඟින් දූෂණ වරද සිදු කළ බවත් අල්ලස් කොමිසම චෝදනා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here