හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක්

0
11

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

මෙරට වේලාවෙන් ඊයේ (4) රාත්‍රියේ පැවති මෙම ඉසව්වේදී රුමේෂ් තරංග මීටර් 92.62ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී දක්ෂතාව වාර්තා කළේය.

ලොව ප්‍රමුඛතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වන මෙම තරගාවලියේදී 23 හැවිරිදි රුමේෂ් දැක්වූ දක්ෂතාව, නව තරගාවලි වාර්තාවක් මෙන්ම 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීම විය.

රුමේෂ් මෙහිදී අබිබවා යනු ලැබුවේ මීට වසර 20කට පෙර එනම්, 2006 දී නෝර්වීජියානු ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් විසින් මීටර 90.34 ක දුරක් විසිකරමින් පිහිටුවා තිබූ තරග වාර්තාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here