අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් ලොව පුරා වාර්ෂිකව මිලියන එකහමාරක් පමණ මිය යන බව හෙළි වෙයි.

0
17

ලෝකය පුරා අපිරිසිදු සහ අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් වාර්ෂිකව මිනිස් ජීවිත මිලියන එකහමාරක් පමණ අහිමි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ජුනි 7 වන දිනට යෙදෙන “ලෝක ආහාර සුරක්ෂිතතා දිනය” (World Food Safety Day) නිමිත්තෙන් විශේෂ වාර්තාවක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව අවධාරණය කළේය.

එම වාර්තාවට අනුව, සෑම වසරකම ලෝක ජනගහනයෙන් මිලියන 866 කට අධික පිරිසක් වෛරස්, බැක්ටීරියා, පරපෝෂිතයන් සහ විවිධ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර ගැනීම නිසා රෝගාතුර වන බව එම වාර්තාවේ සඳහන් වේ.

අපිරිසිදු සහ අනාරක්ෂිත ආහාර පරිභෝජනයෙන් අවම වශයෙන් එකිනෙකට වෙනස් රෝග 200ක් පමණ හටගන්නා අතර, එමඟින් මිනිසුන්ගේ සෞඛ්‍යය, ජීවනෝපාය, අධ්‍යාපනය සහ ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වේ.

කෙසේ වෙතත්, මෙම රෝග බොහෝ දුරට වළක්වා ගත හැකිපසුබිමක පවතින බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here