ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී මහජන දින වැඩසටහනක්

0
29

ආර‍ක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ සම-ප්‍රධානත්වයෙන් යුත් මහජන දින වැඩසටහනක් ඊයේ (ජූනි 02) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන මඟින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විශ්‍රාමික රණවිරු ප්‍රජාවට සහ පොදු මහජනතාවට තමන් මුහුණ දෙන ගැටළු, දුක්ගැනවිලි සහ සංවර්ධනයට අදාළ කරුණු සෘජුවම අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා විය.

මෙම අවස්ථාවේදී, රණවිරුවන් සහ ප්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා සොයා බැලූ අතර, එම ගැටළු සඳහා කාර්යක්‍ෂම හා කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයන් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here