බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානය මඟින් සංවිධානය කරන ලද වාර්ෂික වෙසක් දන්සල 2026 ජූනි 1 වැනි දින පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම දන්සලේදී බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පෙදුරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්, පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සාර්ථකව සිදු දෙන ලදී.
වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කළ මෙම දන්සල සඳහා විශාල පිරිසක් සහභාගි වූ අතර, මෙම අවස්ථාව ප්‍රදේශවාසීන් අතර සහයෝගීතාවය හා ආගමික සංහිඳියාව තවදුරටත් වර්ධනය කිරීමට ද හේතු විය.



