කළුතර, මුස්ලිම් පල්ලිය පාර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ දී අද (28) උදෑසන 8.59ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඉලක්කර මෝටර් රථයකින් පැමිණ අයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.

