ජූලි මාසය අවසානය දක්වා අවශ්‍ය ඉන්ධන සංචිත මේ වනවිට මෙරට තුළ පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි තොග පර්යන්ත සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ මේ මස 28 සහ 31 යන දිනවල තවත් බොරතෙල් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි.
කෙසේ වෙතත් ඉදිරියේදී ඉන්ධන මිල විශාල ඉහළ යාමක් අපේක්ෂා කළ නොහැකි බවත්, මිල අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.
ඉන්ධන මිල යනු ඇති බවට ඇතැම් වාර්තා පළවීමත් සමඟ බොහෝ පිරිස් ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණ සිටින බව ද මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේය.
කෙසේවෙතත් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බවත් රට තුළ ඉන්ධන හිඟයක් ද නොමැති බව ඔහු අවධාරණය කළේය.

