හජ් වන්දනාවට සහභාගී වන ශ්‍රී ලාංකික බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සහතික කිරීමට විශේෂ සාකච්ඡාවක්

0
4

මෙවර හජ් වන්දනාවට සහභාගී වන ශ්‍රී ලාංකික බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සහතික කිරීමේ අරමුණින් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලප්පර් මහතාගේ ප්‍රධානත්වයෙන් සෞදි අරාබියේ ශ්‍රී ලංකා සිලෝන් හවුස් හිදී ඊයේ(24) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා හජ් කමිටුවේ සභාපති රියාස් මිහුලර් මහතා සහ අනෙකුත් නිලධාරීන් සහභාගී විය.

හජ් වන්දනාවේ වැදගත්කම සහ වඩාත්ම දුෂ්කර අවධීන් වන මිනා සහ අරබා ශුද්ධ ස්ථානවල ශ්‍රී ලාංකිකයන් සඳහා පිහිටුවා ඇති කූඩාරම් ඇතුළු මූලික පහසුකම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරිණි.

හජ් වන්දනාකරුවන්ට කිසිදු බාධාවකින් තොරව තම ආගමික නමස්කාරයේ යෙදීමට හැකි වන පරිදි නවාතැන්, වායු සමීකරණ පහසුකම්, පානීය ජලය සහ සනීපාරක්ෂක පද්ධති හැකි උපරිම ආකාරයෙන් සකස් කිරීම කෙරෙහි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධානය යොමු කළේය….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here