ආපදා වලින් පවුල් 1,966කට අයත් පුද්ගලයින් 7,757ක් පීඩාවට

0
8

මේ වන විට දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ පුද්ගල මරණයක් වාර්තා වී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි අවුරුදු 64ක පුද්ගලයෙකු ඊයේ (22) සැඩ පහරට හසුවී ගසාගෙන යෑමෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.

මෙම ආපදා තත්ත්වය නිසා පවුල් 1,966කට අයත් පුද්ගලයින් 7,757ක් පීඩාවට පත්ව ඇති බවද කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඉන් පුද්ගලයින් 201දෙනෙකු මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 06ක රඳවා සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 20ක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටින බවද අදාළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම නිවාස 123ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති අතර පූර්ණ හානි සිදුව ඇති නිවාස ගණන 2ක් බවද සඳහන්.

මේ අතර ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වාර්තා වී ඇති අතර එම අගය මි.මී 137.80ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here