මේ වන විටත් ප්‍රදේශ රැසකට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
වාර්තාවලට අනුව, අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
කැළණි ගංගා නිම්නයේ සමහර ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් වාර්තා වීමත් සමඟ, අවිස්සාවේල්ල සිට හංවැල්ල දක්වා ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් වාර්තා වී ඇති අතර එමඟින් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
ඒ අනුව, කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය පුවක්පිටිය තුම්මෝදර හන්දිය, සීතාවක උද්භිද උද්‍යානය මෙන්ම යටියන්තොට ප්‍රදේශයේ සමහර ස්ථානවල ජලයෙන් යට වී ඇත.
උඩුපිල ප්‍රදේශයේ දෙල්ගොඩ-බෙල්මහර මාර්ගයේ ගංවතුර හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
ගම්පහ මිරිස්වත්ත මාර්ගය ද ගංවතුර හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
උල්ලලපිටිය ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් දිවුලපිටිය-මිරිගම මාර්ගයේ සැහැල්ලු වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.

