ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික (සර්ව ආගමික) සංවිධානයේ නිර්මාතෘ හා ගරු සභාපති, කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් වැඩ සිටිති. උන්වහන්සේ බැහැදැක සුවදුක් විමසා ආශිර්වාද කිරීම පිණිස ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික (සර්ව ආගමික) සංවිධානයේ නියෝජිතයන් වූ සර්ව ආගමික නායකයින් පිරිසක් උන්වහන්සේ බහ දැකීමට ඒක වූහ.
එම අවස්ථාවට පූජ්‍ය ආචාර්ය සාස්ත්‍රපති ගලගම ධම්මරන්සි නායක ස්වාමීන්වහන්සේ, සිවශ්‍රී ආර්. කුමාර් ස්වාමි කුරුක්කල්තුමා, අල්-හාජ් ආචාර්ය අශ්-සෙය්යිද් හසන් මව්ලානා අල්-කාදිරි පූජකතුමා සහ ආචාර්ය නිශාන් සම්පත් කුරේ පියතුමා ඇතුළු සර්ව ආගමික නායකයින් පිරිසක් එක්ව සිටියහ.
මෙම හමුව තුළදී අතිපූජ්‍ය කඹුරුගමුවේ වජිර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද හා සුභාශිංසන පිරිනමන ලදී.


