හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1447 දුල් හිජ්ජහ් මාසයේ හිලාල් (නවසඳ) 2026 මැයි මස 17 වැනි ඉරිදා දිස් නොවීය.
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හිලාල් අංශය පවසයි.
කොළඹ මහපල්ලිය හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින්, හිජ්රි 1447 දුල් කඃදහ් මාසය දින 30ක් සම්පූර්ණ වන බවත් 1447 දුල් හිජ්ජහ් පළමු දින 2026 මැයි මස 19 වැනිදා බවත් ඒකමතිකව ප්‍රකාශ කරන්නේය.

