ආපදා හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව 5,000 ඉක්මවයි.

0
1

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ.

ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවුල් 1,574කට අයත් පුද්ගලයින් 5,242දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉන් පුද්ගලයින් 162දෙනෙකු මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 05ක රඳවා සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 14ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 65ක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටින බවද අදාළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම නිවාස 192ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර ආපදා මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here