චීන ජනාධිපති ෂී ජින්පින් අමෙරිකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අමෙරිකානු ජනිධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ආරාධනයකට අනුවයි.
චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සඳහන් කර ඇත්තේ මේ වසරේ සරත් සමයේදී (සැප්තැම්බර් – නොවැම්බර්) චීන ජනාධිපතිවරයාගේ අමෙරිකා සංචාරය සිදුවෙනු ඇති බවය.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ තෙදින නිල සංචාරය නිම කරමින් අද (15) චීනයෙන් පිටත්ව ගියේය.

