“2026 වසර චීන-ඇමරිකා සබඳතාවයේ ඓතිහාසික හා සන්ධිස්ථානීය වසරක් බවට පත් වනු ඇත”. චීන ජනපති කියයි

0
3

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

ඒ අද(14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දීය.

වර්තමානයේ ලෝකය මුහුණ දෙන පෙර නොවූ විරූ හදිසි වෙනස්කම් හමුවේ ජාත්‍යන්තර තත්ත්වය ගැටුම්කාරී වාතාවරණයක පවතින බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

චීනය හා ඇමරිකාවට ‘Thucydides’ උගුලට හසු නොවී ප්‍රධාන හා දැවැන්ත රටවල් අතර සබඳතාවයේ නව ආකෘතියක් නිර්මාණය කළ හැකිද? දෙරටට එක්ව ගෝලීය අභියෝගයන්ට මුහුණ දෙමින් ලෝකයට වඩාත් වැඩි නිශ්චිතභාවය ලබා දිය හැකිද? දෙරට අතර සබඳතාවයේ සුන්දර අනාගතයක් එක්ව නිර්මාණය කළ හැකිද? යනාදි වත්මන් යුගයේ මතුව ඇති මෙම ප්‍රශ්න වෙත ප්‍රධාන රටවල නායකයන් එක්ව පිළිතුරු ලබා දිය යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර තිබේ.

චීනය සහ ඇමරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතු බව ද හෙතෙම අවධාරණය ‍කළේය. දෙරටටම සහ ලෝකයටම අදාළ වැදගත් කරුණු පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කර ගනිමින් චීන – ඇමරිකා සබඳතාවය නිවැරදි ලෙස ඉදිරියට මෙහෙයවීමට බලාපොරොත්තු වන බව ඔහු කියාසිටියා. 2026 වසර චීන – ඇමරිකා සබඳතා සඳහා ඓතිහාසික හා සන්ධිස්ථානීය වසරක් බවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ෂී ජින් පිං මහතා සඳහන් කර ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here