තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත් වූ තලපති විජේ එම ධුරයේ බලය ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා වන ප්‍රාන්ත සභා මන්ත්‍රී ඡන්ද විමසීමෙන් බහුතරය හිමි කර ගෙන තිබේ.
ඒ අනුව, අද(13) පැවති තමිල්නාඩු ප්‍ප්‍රාන්ත සභා මන්ත්‍රී ඡන්ද විමසීමෙන් ජන්ද 122ක බහුතර බලය දිනා ගැනීමට ඔහුට හැකි වී ඇත.
එහිදී,තලපති විජේට පක්ෂව ජන්ද 144ක්, විපක්ෂව ජන්ද 22ක් ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
එමෙන්ම මන්ත්‍රීවරු 54ක් ජන්දය ලබා දීමෙන් වැළකී සිට ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ජන්ද විමසීම සිදුවන අවස්ථාවේ දී DMK සහ DMDK මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගිය අතර, PMK මන්ත්‍රීවරුන් හතර දෙනෙකු සහ එක් BJP මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

