පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට තවත් විදෙස් ජාතිකයින් 198 දෙනෙකු අත්අඩංගුවට

0
43

පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට තවත් විදෙස් ජාතිකයින් 198 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දකුණු දකුණු පළාතේ මිදිගම, හික්කඩුව සහ ගාල්ලෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් වැඩිම පිරිස 174 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වේ. නේපාල ජාතිකයින් 25 දෙනෙකුට අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

ඊයේ (11) රාත්‍රී මිදිගම පොලිස් වසමේ පිංවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ දී මිදිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර එහි ලැගුම්ගෙන සිටි 33 දෙනෙකු අත්අඩංගුවට ‍ගෙන තිබු අතර, ඉන් 28 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර, 05 දෙනෙකු නේපාල ජාතිකයින් වේ.

ඔවුන් අවුරුදු 25 ත් 35 අතර වයස්වල පසුවන විදෙස් ජාතිකයින් වේ.

මෙම සැකකරුවන් වීසා නොමැතිව මෙරට රැඳී සිටීම, සංචාරක වීසා මත පැමිණ රැකියාවල යෙදීම, තීරුබදු රහිතව ගෙන්වන ලද දුම්වැටි සන්තකයේ තබාගැනීම හා පරිගණක අපරාධ පනතේ ගැනෙන අපරාධයන් සිදුකිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මිදිගම පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර, ඉන්දීය ජාතිකයින් 35 දෙනෙකු හා නේපාල ජාතිකයින් 20 දෙනෙකු හික්කඩුව ප්‍රදේශයෙන් සහ තවත් ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු ගාල්ලෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.