ශ්‍රී ලංකාව – වියට්නාමය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.

0
3

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ප්‍රථම වරට අවබෝධතා ගිවිසුමකට අද (08) අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුම ශ්‍රී ලංකා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර අත්සන් තබා ඇති අතර, දෙරට අතර මෙම ක්ෂේත්‍රයට අදාළව අත්සන් තැබුණු ප්‍රථම අවබෝධතා ගිවිසුම ලෙස එය සැලකේ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ වියට්නාම රජය වෙනුවෙන් එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය Vu Hai Quan මහතා විසින්  මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා විද්‍යාත්මක දැනුම, පර්යේෂණ සහ තාක්ෂණික හැකියාවන් වර්ධනය කරමින් දෙරට අතර දිගුකාලීන සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

ඒ අනුව ජෛව තාක්ෂණය, කෘෂිකර්මය, ඔසු පැළෑටි හා ආහාර තාක්ෂණය, දේශගුණික විපර්යාසයන්ට අනුවර්තන තාක්ෂණයන්, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ස්වයංක්‍රීයකරණය සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විද්‍යාඥයන් හා තාක්ෂණික විශේෂඥයන් හුවමාරු කිරීම, සම්මන්ත්‍රණ හා වැඩමුළු සංවිධානය කිරීම සහ පර්යේෂණ ව්‍යාපෘති සඳහා සම-අරමුදල් සැපයීම ද මෙම ගිවිසුම යටතේ සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here