
ඉරානය සමඟ පැවැත්වෙන නවතම සාම සාකච්ඡා වටය පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුභවාදී බලාපොරොත්තු තබා තිබේ.
ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පැවසුවේ, “පසුගිය පැය 24 තුළ අපි ඉතා හොඳ සාකච්ඡා පවත්වා ඇති අතර, ඉරානය සමඟ ගිවිසුමකට එළඹීමට අපට බොහෝ දුරට ඉඩ ඇත.” යනුවෙනි.
බදාදා රිපබ්ලිකන් ආණ්ඩුකාර අපේක්ෂකයෙකු සමඟ වීඩියෝ සම්මන්ත්‍රණ ඇමතුමක් අතරතුර, ඉරාන යුද්ධය ඉක්මනින් අවසන් වන බවට ට්‍රම්ප් පොරොන්දු විය.
ඒ සමඟම, න්‍යෂ්ටික වැඩසටහන අවසන් කර හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා වන එක්සත් ජනපද ඉල්ලීම්වලට අනුකූල නොවන්නේ නම්, ඉරානයට බෝම්බ හෙලීම නැවත ආරම්භ කරන බවට ට්‍රම්ප් තර්ජනය කළේය.
මෙම තත්වය තුළ, එක්සත් ජනපදය විසින් යෝජිත සැලැස්ම සලකා බලමින් පවතින අතර ටෙහෙරානය සිය අදහස් අවසන් කිරීමෙන් පසු මැදිහත්කරු පාකිස්තානයට දැනුම් දෙන බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
