විජේගේ නායකත්වයෙන් යුත් තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂයට ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයේ සහය.

0
2

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂයට සහාය ලබාදීමට ඉන්දීය කොංග්‍රසය තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් DMK පක්ෂය සමඟ දීර්ඝ කාලයක් පැවති සන්ධනයෙන් ඔවුන් ඉවත් වනු ඇත.

මේ බව ලිපියකින් දන්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

මෙවර ප්‍රාන්ත මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂයට හිමි වූ ආසන සංඛ්‍යාව පහකි.

ඒ අනුව මෙම නව සන්ධානය ඉදිරි මැතිවරණවලදී එක්ව තරග කරනු ඇති බව ද කොංග්‍රසය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

විජේගේ පක්ෂය මෙම මැතිවරණයේදී ආසන 108ක් දිනාගෙන ඇති අතර ප්‍රාන්තයේ බලය පිහිටුවීමට ආසන 118ක් තිබිය යුතුය.

කොංග්‍රසයේ ආසන 05ක් සහාය හිමිවූවත් ආණ්ඩුව පිහිටුවීමට තවත් 05කගේ සහාය TVK පක්ෂය ලබා යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here