මාලදිවයින ජනාධිපතිවරයා සිව් දින නිල සංචාරය නිම කරමින් පිටව යයි.

0
42

මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිෂු ( Mohomed Muizu ) මහතා සිය සිව් දින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාලදිවයින මාළේ නුවර බලා පිටත්ව ගියේය.

එහිදී එතුමා සමග පැමිණි ජනාධිපති ආර්යාව මෙන්ම 20 දෙනෙකුගෙන් සමන්විත එරට දූත පිරිස ද පිටත්ව ගියහ .

ඔවුන් අද දින උදෑසන 07.43 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් මාලදිවයින මාළේ නුවර බලා පිටත්ව ගොස් තිබුණි.