සැක කටයුතු ලෙස මිය ගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද

0
1

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වූ සිද්ධියට වැඩතහනමට ලක්ව සිටියදී මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද (2) පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇත.

ඒ මහතා ඉකුත් 30වැනිදා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.
මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ සිව්දෙනාගෙන් සමන්විත කමිටුවක් විසින් එම මරණය ඔහු විසින් සිදුකරගනු ලැබූ තුවාල මත සිදුවූ දිවි නසාගැනීමක් බව ඊයේ (1) තහවුරු කළේය.

රංග නිශාන්ත රාජපක්ෂ මහතා වැඩ තහනමට ලක්වන විට මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here