මෙරට බිහිවූ ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනා ගත් එකම ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතමිනි.
වත්මන් ආණ්ඩු විසින් ජනතා වෙනුවෙන් තීන්දු සහ පාලකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරනු ලබන තීන්දු ගෙන ඇති බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
මීට පෙර පැවැති ආණ්ඩු ගනු ලැබුවේ, පාලකයින්ගේ වරප්‍රසාද වැඩි කරන තීන්දු සහ ජනතාවට පීඩාව ගෙනත් දෙන තීන්දුය.
“අපි මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු වතාවට තමයි මැයි දින රැලියක් පවත්වන්නේ. අපි පළමු අවස්ථාවට මැයි රැලිය පවත්වනකොට, මීට පෙර පවත්වපු කිසිවෙක් අද මැයි දින ම

