“අභිමානවත් ඉතිහාසයක ලාංකීය මුස්ලිම් ලකුණ” කෘතිය ජනගත කිරීම ඊයේ (28) මහනුවර පුෂ්පදාන සමිති ශාලාවේදී සිදු කෙරිණි.
රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික ජයසිංහ විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද “අභිමානවත් ඉතිහාසයක ලාංකීය මුස්ලිම් ලකුණ” ග්‍රන්ථය ජනගත කිරීම බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මැතිතුමාගේ විශේෂ දේශනයක් සහ පරිවර්තක ආචාර්ය ධම්මික ජයසිංහ මැතිතුමා අදහස් දැක්විය. මෙම උත්සව අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ විය.
අන්තර් ආගමික සාම පදනම, මහනුවර YMMA, රත්නදීප පදනම සහ පහන මීඩියා, ඇතුළු සංවිධාන රැසක් එක්ව මෙය සංවිධානය කර තිබුණි.





