ආචාර්ය ධම්මික ජයසිංහ වැනි ජාතික සම්පතක් රටට දායාද කිරීමම එම පියාණන් කළ මහඟු පිංකමක් – අවමංගල්‍ය උත්සවයේදී අබ්දුල් මුජීබ් මවුලවිතුමා පවසයි.

0
43

ආචාර්ය ධම්මික ජයසිංහ මුළු රටටම ජාතික සම්පතක් – එතුමාගේ පියාණන් ගේ අවමංගල්‍ය උත්සවයේදී අශ්ෂෙයික් අබ්දුල් මුජීබ් මවුලවිතුමා පවසයි.

පසුගිය 24 වනදා අභාවප්‍රාප්ත වූ රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික ජයසිංහ මහතාගේ ආදරණීය පියාණන් වූ එන් .ඒ. ඥාණදාස මහතාගේ අවසන් කටයුතු  පසුගිය 26 පස්වරුවේ අත්තනගල්ල, වැලිකඩමුල්ල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී සිදු කෙරුණි.

ඒ මහතාගේ එකම පුත්‍ර රත්නය වන මේ වන විට රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන ආචාර්ය ධම්මික ජයසිංහ මහතාගේ මිත්‍රයින් රැසක් සහ ඥාතීන් එම අවස්ථාවට එක්ව සිටියහ.

මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම අවමංගල්‍ය උත්සවයේ ගුණකතනයක් සිදුකරමින් අශ්ෂෙයික් අබ්දුල් මුජීබ් මවුලවිතුමා පැවසුවේ මෙවන් ජාතික සම්පතක් බදු පුතෙක් රටට දායාද කළ පියාණන් මරණින් මතුවත් ස්ථිර වශයෙන් පින් ලබන තැනකට යන බවයි.

අදහස් දැක්වූ පහන් මීඩියා ආයතනයේ අධ්‍යක්‍ෂක අශ්ෂෙයික් අබ්දුල් මුජීබ් මවුලවිතුමා වැඩිදුරටත් මෙසේ පැවසුවේය.

මෙම අවස්ථාවට එක්ව සිටි හිටපු මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතාද ඥාණදාස මහතාගේ ගුණ කතනයක් කළේය.

ගුණකතනයක් සිදුකරමින් අදහස් දැක්වූ අශ්ෂෙයික් අබ්දුල් මුජීබ් මවුලවිතුමා මෙසේ පැවසීය.