රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුතු ” කුෂ්” සහ
“හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ සිට රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටි මෙරට චීවරධාරීන් 22 කු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත ඊයේ (25) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වේ.
බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක දී අත් අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ද මෙයයි
මෙම භික්ෂුන් වහන්සේලා ශ්‍රී ලංකාව පුරා , විවිධ ප්‍රදේශ වල පදිංචිව සිටින තරුණ භික්ෂුන් වහන්සේලා පිරිසක් වන අතර ඔවුන් විවිධ ආයතන වල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසකි .
මෙම පිරිස පසු22 දින මෙරටින් තායිලන්තය බලා , අනුග්‍රහකයෙකු විසින් ලබා දුන් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මත එරටට ගොස් , එහිදී ඔවුන් ගිහි වෙස් ගෙන , විවිධ ක්‍රියාකාරකම් වල නිරත වී සිටින ජායාරූප සහ වීඩීයෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථන තුළ පටිගත වී තිබියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අනාවරණය කර ගෙන තිබේ .
ඔවුන් 04/25 දින රාත්‍රී 10.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාසැල් උපකරණ , විවිධ රසකැවිළි සමග ව්‍යාජ පතුල් සකස් කර , ඒවා තුළ මෙම කිලෝ ග්‍රෑම් 110 කට අධික ” කුෂ්” සහ ” හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන තිබුණි .
මෙම මත්ද්‍රව්‍ය සෑම භික්ෂුන් වහන්සේ නමකගේම ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 05 කට අධික ප්‍රමාණය බැගින් සගවා ගෙන තිබුණි .
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම භික්ෂුන් වහන්සේලා පිරිස 04/26 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .


