රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික ජයසිංහ මහතාගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වෙයි.
මෙරට දරුවන් රැසකට භාෂා දැනුම බෙදා දෙමින් සමාජය තුළ විවිධාකාරයේ සමාජ සේවා කටයුතුවල නිරත වන විද්වතෙකු වන ආචාර්ය ධම්මික ජයසිංහ මහතාගේ ආදරණීය පියාණන් වන එන්.ඒ.ඥානදාස මහතා වයස අවුරුදු 87ක් ආයු වලඳා අද (24) උදෑසන වැලිකඩමුල්ල,අත්තනගල්ල නිවසේදී අභාවප්‍රාප්ත විය.
දෙදරු පියෙක් වන ඥානදාස මහතා කලක් ඔරුවල වානේ සංස්ථාවේ සේවය කර ඉන් ඉවත්ව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරත වෙමින් තම දරුවන්ට මනා අධ්‍යාපනයක් ලබාදෙමින් රටට වැඩදායී පුද්ගලයින් කිරීමට කැප වූ ආදරණීය පියෙකි.
සිංහල,දෙමළ,ඉංග්‍රීසි, පාලි, සංස්කෘත ඇතුළු භාෂාවන් රැසක් පිළිබඳ මනා දැනුමක් ඇති ආචාර්ය ධම්මික ජයසිංහ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිංහල භාෂාවෙන් ඉස්ලාම් ධර්මය ඉගැන්වීම් කරන තිහාරිය තන්වීර් ඇකඩමිය ආරම්භ කිරීම සඳහා දායකත්වය ලබාදුන් අයෙකි.
එසේම පහන ප්‍රකාශකයෝ විසින් එළි දැක්වූ “අභිමානවත් ඉතිහාසයක ලාංකේය මුස්ලිම් ලකුණ” නම් ග්‍රන්ථය දෙමළ බසින් සිංහල බසට පර්වර්තනය කිරීමට කටයුතු කළ ආචාර්ය ධම්මික ජයසිංහ මහතා පහන මධ්‍යයේ කළමනාකාර මණ්ඩලයේ සාමාජිකයෙකි.
එතුමාගේ ආදරණීය පියාණන්ගේ වියෝව වෙනුවෙන් පහන මාධ්‍ය කාර්ය මණ්ඩලය සිය බලවත් ශෝකය ප්‍රකාශ කරයි.
එතුමන්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 26 වන ඉරිදා අත්තනගල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

