ඇමෙරිකාවේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කරයි.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක ෂෝන් පාර්නෙල් සඳහන් කර ඇත්තේ මෙම ඉල්ලා අස්වීම “වහාම ක්‍රියාත්මක වන පරිදි” සිදුවන බව ය.
නාවික හමුදා උප ලේකම් හං කාඕ වැඩබලන ලේකම් ලෙස කටයුතු කරන බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, ජෝන් ෆෙලන්ගේ ඉවත්වීමට හේතුවක් ඇමෙරිකානු නාවික හමුදාව මෙතෙක් අනාවරණය කර නොමැත.

