මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් හැකර්වරයෙක් හොරකම් කරයි.

0
3

මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ විද්‍යුත් ලිපිනයක් හැක් කර ඩොලර් මිලියන 2.5 කට අධික මුදලක් වංචනික ලෙස කිසියම් පුද්ගලයෙක් ලබා ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් සිදු කර ඇති බව ය.

මෙම මුදල් ගෙවීම පිළිබඳව දෙවරක් මහ බැංකුව අදාළ අංශවලට අනතුරු ඇඟවීම් සිදු කර ඇතැයි ද ඒ තිබියදී අදාළ මුදල් නිදහස් කර ඇතැයි ද මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ද මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී ඇති බව ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කොට ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මේ අතර, මේ පිළිබඳව පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා නිදහස් නීතිඥ සංවිධානය විසින් කතානායකවරයාට ලිපියක් ද යොමු කරනු ලැබ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here