ජපානයට රික්ටර් මාපකයේ 7.4 ක භූමිකම්පාවක්

0
6

ජපානයේ ඉවාටේ වෙරළට ඔබ්බෙන් ඇති වූ භූමිකම්පාවකින් පසු අද (20) උතුරු ජපානයේ ඉවාටේ ප්‍රාන්තය, අමෝරි ප්‍රාන්තය සහ හොක්කයිඩෝ සඳහා මීටර් 3 ක් දක්වා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී.

ප්‍රදේශවාසීන්ගෙන් ගංගා සහ වෙරළ තීරයන්ගෙන් ඈත්ව උස් බිම්වලට යන ලෙස ජපන් භාෂාවෙන් “3/11 ව්‍යසනය මතක තබා ගන්න” යනුවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජපන් කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව, සවස 4:53 ට කිලෝමීටර් 10 ක් ගැඹුරට සිදු වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.4 ක් ලෙස සටහන් විය.

ටෝකියෝවට තරමක් දුරින් සෙලවීමක් දැනුණු අතර, ගොඩනැගිලි මිනිත්තු කිහිපයක් පැද්දුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here