හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට ජනපතිත් සහභාගී වෙයි.

0
48

හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට යෙදී තිබූ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී ‍ආරම්භ වූ හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට නැකතට අනුව මහා සංඝරත්නය විසින් හිසතෙල් ගා ආශිර්වාද කළේය.

පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

මේ අතර හදිසි රාජකාරි සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් 17 සිකුරාදා පෙරවරු 5.38ට යෙදී තිබේ.

රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරී මිශ්‍ර කිරි බතක් ද හෙළ මෝරු ද උදු මිශ්‍ර කැවිළි වර්ගය ද අනුභව කර උතුරු දිශාව බලා හදිසි රාජකාරි කටයුතු සඳහා පිටත්ව යෑම මැනවී යැයි නැකැත් සීට්ටුවේ සඳහන්ය.

අප්‍රේල් 20 වන සඳුදා දින පෙරවරු 6.27ට යෙදෙන සුබ මොහොතින් රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී තිබේ.

ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගය ද අනුභව කර දකුණු දිශාව බලා හෝ එදිනම පෙරවරු 6.50ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ තල මිශ්‍ර කිරි බතක් ද, දී කිරි සහ අග්ගලා සමඟ කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යැම මැනවියැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

මේ අතර පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 23 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.01ට යෙදී ඇත.

රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැල සිටුවීම මැනවියැයි නැකැත් සීට්ටුවේ සඳහන්ය.

May be an image of temple