ප්‍රහාරයකින් තුවාල ලබා සිටි ඉරානයේ හිටපු විදේශ අමාත්‍ය කමල් කරාසි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.ඉරානයේ දේශපාලන පරිසරය තුළ කරාසි ප්‍රසිද්ධ වූයේ ප්‍රතිසංස්කරණවාදී දේශපාලනඥයෙකු, ඉරානයේ විදේශ සබඳතා පිළිබඳ උපායමාර්ගික කවුන්සිලයේ ප්‍රධානියා සහ ඉරානයේ දිවංගත උත්තරීතර නායක අලි කමේනිගේ උපදේශකයෙකු ලෙසයි.
ඔහු 1997 සිට 2005 දක්වා ඉරාන විදේශ අමාත්‍යවරයා ලෙස සේවය කළා. ඉරානයේ ජමරන් ප්‍රවෘත්ති වෙබ් අඩවිය අප්‍රේල් 1 වන දින වාර්තා කළේ, කමල් කරාසි ප්‍රහාරයකින් “බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති” බවයි.
එම ප්‍රහාරයෙන් ඔහුගේ බිරිඳ ද මිය ගියා. එම ප්‍රහාරයේදී ටෙහෙරානයේ පිහිටි කරාසිගේ නිවස ඉලක්ක කරගත් බව ජමරන් වාර්තා කර තිබුණි.

